2022.05.21 දින කිරිඇල්ල, පැල්මඩුල්ල සහ නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් කූරගල රජමහා විහාරයේදී අභිනව දාගැබ් වහන්සේ වෙත සම්බුද්ධ පූජාව පැවැත්වීම සිදු කරන ලදී
74 වන නිදහස් දිනයට සමගාමීව 2022.02.10 දින ආක්‍රමණික ශාක ඉවත් කරන ලද භූමියේ දී (එල්ලාවල සුසාන භූමි ගං ඉවුර) ප්‍රාදේශීය ලේකම් තුමන්ගේ ප්‍රධානත්වයෙන් හා සහභාගීත්වයෙන් යුතුව 2022.03.29 දින පවත්වන්නට යෙදුන රුක් රෝපණ වැඩසටහන
රාජ්‍ය ළමා චිත්‍ර උලෙළ - 2022
දේශීය ළමා සිත්තරුන්ගේ මහා මෞලි මංගල්‍යය ලෙස හැඳින්වෙන රාජ්‍ය ළමා චිත්‍ර උලෙළ සඳහා උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ සෑම පළාතක්ම නියෝජනය කරමින් වාර්ෂිකව අයදුම්පත් කැඳවනු ලැබේ.
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය දෘශ්‍ය කලා උපදේශක සභාව මගින් සංවිධානය කරනු ලබන “රාජ්‍ය ළමා චිත්‍ර උලෙළ - 2022” සඳහා නිර්මාණ භාරගැනීම 2022 පෙබරවාරි මස 14 වෙනි දින සිට අප්‍රේල් මස 29 වෙනි දින දක්වා කොළඹ 07 ජාතික කලාභවනේදී සිදුකිරීමට නියමිතය.
තරග අංශය වයස් කාණ්ඩය උපන් වර්ෂය
ප්‍රාථමික අංශය අවුරුදු 05 – 06 2016 - 2015
පශ්චාත් ප්‍රාථමික අංශය අවුරුදු 07 – 09 2014 – 2013 - 2012
කනිෂ්ඨ අංශය අවුරුදු 10 – 12 2011 – 2010 - 2009
ජ්‍යෙෂ්ඨ අංශය අවුරුදු 13 – 15 2008 – 2007 - 2006
ජ්‍යෙෂ්ඨ ද්විතීයික අංශය අවුරුදු 16 – 18 2005 – 2004 - 2003
තරඟ කොන්දේසි
- ඔබ කැමති ඕනෑම තේමාවක් සිතුවමට නැගිය හැකිය. ඔබ තෝරාගත් මාතෘකාව චිත්‍රයේ පිටුපස හා අයදුම්පත්‍රයේ සදහන් කළ යුතුයි.
- ඔබ කැමති ඕනෑම මාධ්‍යයක් චිත්‍ර ඇඳීමට භාවිත කළ හැකිය.
- චිත්‍ර තරඟය සදහා මෝස්තර ඉදිරිපත් කිරිමෙන් වලකින්න.
- චිත්‍රය අඟල් 18×14 ප්‍රමාණය විය යුතුය.
- එක් අයෙකුට ඉදිරිපත් කළ හැක්කේ එක් නිර්මාණයක් පමණි.
- චිත්‍ර නිර්මාණය ඉදිරිපත් කළ හැක්කේ ඔබගේ ස්ථිර පදිංචි දිස්ත්‍රික්කයෙන් පමණි.
- එවනු ලබන නිර්මාණය මීට පෙර වෙනත් තරගයකට ඉදිරිපත් නොකළ එකක් විය යුතුය.
- නිවැරදිව, පැහැදිලිව සම්පුර්ණ කරන ලද අයදුම්පත චිත්‍රයේ පිටුපස නොගැලවනසේ ඇලවිය යුතුය.
- තරග කොන්දේසි සම්පූර්ණ කර නොමැති නිර්මාණ සහ ඉල්ලුම් කර ඇති තොරතුරු නිවැරදිව සඳහන් නොවන නිර්මාණ තරගයෙන් ඉවත් කෙරෙනු ඇත.
- ඔබ විසින් එවනු ලබන චිත්‍ර නිර්මාණය නැවත භාරදෙනු නොලැබේ.
- ඔබ විසින් එවනු ලබන නිර්මාණ ප්‍රවීණ විනිසුරු මණ්ඩලයකට ඉදිරිපත්කර එයින් තෝරාගන්නා ළමුන් පමණක් අදාළ දිස්ත්‍රික් තරගය සඳහා තෝරාගන්නා අතර, තරග පැවැත්වෙන දිනය, වේලාව සහ ස්ථානය පසුව දැනුම්දෙනු ඇත.
- විනිශ්චය මණ්ඩලය විසින් ගනු ලබන තීරණය අවසන් තීරණය වේ.
චිත්‍ර නිර්මාණ එවිය යුතු ලිපිනය :-
ස්ථානභාර නිලධාරි,
ජාතික කලාභවන,
ආනන්ද කුමාරස්වාමි මාවත,
කොළඹ - 07
විමසීම්:- 0112882551 / 0112872031
වැඩිදුර විස්තර සහ අයදුම්පත්‍රය භාගතකිරීම්
"හරිත දැයක්"ජාතික ගෙවතු වගා වැඩසටහන. සමාරම්භක උත්සවය අකුරණ ග්‍රාම නිලධාරි වසමේ ඉන්ද්‍රා නාලිනී මහත්මියගේ ගෙවත්තේදී ප්‍රාදේශීය ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් පෙ.ව.9.18 යෙදුණු සුබ මොහොතින් සිදු කරන ලදී.
සියලු පුරවැසියන්ගේ ජීවනෝපාය ශක්තිමත් කරමින් රට සමෘද්ධිමත් දේශයක් බවට පත් කරන – වැඩ ලක්ෂයක් – සංවර්ධන ව්‍යාපෘතිය දීප ව්‍යාප්තව 2022.02.03 ආරම්භ විය. ගම සමග පිළිසඳරක් – අයවැයෙන් වැඩ ලක්ෂයක් – ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව සමෘද්ධිමත් දේශයක් බවට පත් කිරීමේ අරමුණින් වැඩසටහන ක්‍රියාත්මකයි. රට පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 336 ම ආවරණය වන පරිදි ග්‍රාම නිලධාරි කොට්ඨාස 14,021 ක මේ වැඩසටහන ක්‍රියාත්මක වේ. ඒ අනුව එක් ග්‍රාම සේවා වසමක ව්‍යාපෘති 5 ක් හෝ 6 ක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
මෙහි සමාරම්භ උත්සවය උදෑසන 8.52 ට දිවයින පුරා ගම් ආවරණය කරමින් පැවැත්වු අතර කිරිඇල්ල කොට්ඨාශයේ වසම් 17ක් නියෝජනය කරමින් ව්‍යාපෘති 120 ක් ක්‍රියාත්මක කරන ලදී.




















